පෙබරවාරි 02 ලෝක තෙත් බිම් දිනය සැමරේ

සෑම වසරකට පෙබරවාරි  02 දිනට යෙදෙන තෙත් බිම් දිනය මිහිකතගේ පැවැත්ම උදෙසා අතිමහත් සේවාවක් ඉටුකරනු ලබන තෙත් බිම් සංරක්ෂණය කිරීමෙහිලා ලෝක ජනතාවගේ අවධානය යොමු කෙරෙන සුවිශේෂි දිනයන් මෙවර ලෝක තෙත් බිම් දින තෙමාව වූයේ තෙත් බිම් සහ ජෛව විවිධත්වය යන්නයි

ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවසහ මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙය වීමෙන් පෙබරවාරී 03 දින ගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රෙයේදී පැවැත්වෙයි.

ජාතික වැඩසටහනට සමගාමීව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද සමරු උත්සවයක් පෙබරවාරි 02 දින පෙ.ව 9.30 විල්පත්තුව මරදන්මඩුව ප්‍රදේශයේදී පැවැත්විණි එහිදී විල්පත්තුව ජාතික උද්‍යානය ආශ්‍රිතව පිහිටි පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් සම්බන්ධ කරගෙන තෙත් බිම් සංරක්ෂණ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලද අතර සමරු දේශනය අධ්‍යක්ෂ මෙහෙයුම් මංජුල අමරරත්න මහතා විසින් සිදු කරන ලදී.

අනෙකුත් රැමිසා තෙත් බිම් වන බූන්දල ජාතික උද්‍යානය අනාවිලුනිදාව අභය භූමිය සහ චුන්ඩිකුලම් ජාතික උද්‍යානයේදීද තෙත් බිමි සමරු සමරු වැඩ සටහන් පැවැත් වීමට වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කෙරුණි.