දොඩන්දුව සමුද්‍ර සංරක්ෂණ මධ්‍යස්ථානයක්.

සමුද්‍ර ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහනට සමගාමීව ගාල්ල දොඩන්දුව ප‍්‍රදේශයේ සමුද්‍ර සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදි කිරීම් කටයුතු ආරම්භ කරන ලදී. සමුද්‍ර ජීවීන්ගේ සුභ සාධන පහසුකම් වැඩිදියුණු කිරීමඅධ්‍යපනිකපර්යේෂණ හා පාරිසරික සංචාරක විභවයන් ප‍්‍රවර්ධනය මෙහි අරමුණයි.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගරු ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මැතිතුමා විසින් ඉදි කිරීමට නියමිත සමුද්‍ර  සංරක්ෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අතරසමුද්‍ර  ජීවීන් සංරක්ෂණය සංකේතවත් කරමින් කැස්බෑ පැටවකු සාගරයට නිදහස් කිරීම හා වෙරළආරක්ෂණ පැළෑටි සංරක්ෂණ සංකේතවත් කරමින් පැළෑටි රෝපණයක් ද ගරු අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී සිදු කරන ලදී.

සමුද්‍ර ජීවීන් භාවිතයෙන් පවතින ජාවාරම් සඳහා නීතිය බලාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එවැනි සිදුවීම් වැටලීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී ගරු අමාත්‍යතුමන් වැඩිදුරටත් පැහැදිලි කළ අතර, සෘජු ලෙස තම රාජකාරිය සිදුකරන තම නිළධාරීන්ට බාහිර පාර්ශවවලින් එල්ල වන බලපෑම් වලින් තමන් රැක ගන්නා බවත් එනිසා නොපැකිළිව නීතිය අවභාවිතයේ යෙදෙන්නන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් මෙහිදී එතුමා අවධාරණය කළේය.

පවතින සංචාරක බෝට්ටු වෙනුවට සූර්යය බලශක්ති යන්ත‍්‍රානුසාර බෝට්ටු හඳුන්වා දීමේ වැදගත්කම පැහැදිලි කරමින් ස්වාභාවික සම්පත් කළමණාකරණය තුළින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කළ හැකි ආකාරය එතුමා මෙහිදී සඳහන් කළේය. ඉදිකිරීමට නියමිත සමුද්‍ර සංරක්ෂණ ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු ද ස්වභාවික සම්පත් වලට හානි නොවන ලෙස සිදුකළ යුතු බව මෙහිදී ගරු අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

1971 වර්ෂයේ ලෝකයේ රටවල් රාශියක සහභාගීත්වයෙන් ඉරානයේ රම්සා නගරයේ ඇති කරනු ලැබූ සම්මුතියට අනුව තෙත් බිම් ආරක්ෂණයේ වගකීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි එක් අරමුණයි. රම්සා සම්මුතියට අනුව ශී‍්‍ර ලංකාවේ බුන්දල ජාතික උද්‍යානයමාදු ගඟ අභය භූමියආනවිළුන්දාව අභය භූමියමාන්නාලෙයි අභය භූමියකුමන ජාතික උද්‍යානය හා විල්පත්තුව ජාතික උද්‍යානය යන තෙත් බිම් හය ප‍්‍රකාශයට පත්කර තිබේ.

උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර  ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාතිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල මහතා හා අමාත්‍යංශ අතිරේක ලේකම් (සංවර්ධන)  චන්ද්‍රසිරි බණ්ඩාර මහතාවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එස්.කේ. පතිරත්න මහතාඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වුහ.